අනුෂ පැල්පිට ලබන මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

රුපියල් කෝටි 4කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යාංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියෝග කළේය. අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි […]
රිදී තිරයෙන් මුද්දරයට පෑයූ සිනමා සියවසේ සොඳුරු රුව — අයිරංගනී සේරසිංහ!

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සම්පූර්ණ වීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත වී වසර 54ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ ජාතික සැමරුම් උළෙල ඊයේ දිනයේ දී ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහභාගී […]
පොහොට්ටුවේ රමේෂ්ට “නිජබිම” අහිමි වෙද්දී, චානක අක්මීමන අල්ලයි!

හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා , රනිල් ව්ක්‍රමසිංහ මහතාගේ කදවුරෙන් මිදී නැවත පොහොට්ටුවට එක්වූ බවත් ඔහුට පොහොට්ටුවේ බෙන්තර – ඇල්පිටිය සංවිධායක ධූරය හිමිවූ බව වාර්තා වේ. රමේෂ් පතිරණගේ මෙන්ම ඔහුගේ පියා වූ ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍යය රිචඩ් පතිරණ මහතාගේ නිජබිම ගාල්ලේ අක්මීමන ආසනයයි. නමුත් පසුගිය සමයේ ජනාධිපතිවරණයේදී රමේෂ් පතිරණ, රනිල් වික්‍රමසිංහ මහතාගේ පිලට එක්වීමට […]
ගාලු දේශපාලනය උණුසුම් කරමින් රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීත්වය යළි තීව්‍ර කරමින්, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එම පක්ෂයේ වැදගත් තනතුරු කිහිපයකට අද දින පත් කර තිබේ. ඒ අනුව බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායකවරයා ලෙසත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසත් ඒ මහතා පත් කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපි පක්ෂ මූලස්ථානයේදී ජාතික සංවිධායක නාමල් […]
ගලහා ‘නිල් ගල’ ගැන මැණික් අධිකාරියෙන් අවසන් තීරණය මෙන්න!

මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයේ දේවාලයක් අසල තිබී සොයාගත්, නිල් පැහැති මැණික් ගලකට සමාන පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය නිල වශයෙන් දැනුම් දී තිබේ. එම අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, අදාළ ස්ථානයේ පිහිටි කළුගල තුළ “Labradorite” නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බව විද්‍යාත්මක පරීක්ෂණ […]
වරාය කැළඹූ කන්ටේනර් 323ක අබිරහස් බදු වංචාවේ සුලමුල සෙවීමට තේරීම් කාරක සභාව අද පිටියට!

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම සහ අතිශය අබිරහස් බදු වංචාව ලෙස සැලකෙන කන්ටේනර් 323ක මහා ජාවාරම පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණය හෙළි කරගැනීමේ තීරණාත්මක විමර්ශනය අද දින (ජනවාරි 21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙලෙස රැස් වූයේ, රේගු පද්ධතිය මගින් ‘අනිවාර්ය පරීක්ෂාවට ලක් […]
ට්‍රම්ප්ගෙන් ප්‍රංශයට තීරුබදු තර්ජනයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශයෙන් ආනයනය කරනු ලබන වයින් සහ ෂැම්පේන් සඳහා 200%ක දැවැන්ත තීරුබදු පනවන බවට තර්ජනය කර තිබේ. මෙම තීරණයට මූලික හේතුව වී ඇත්තේ ගෝලීය ගැටුම් විසඳීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති “සාම මණ්ඩලයට” සහාය දෙන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමට සැරසෙන බවට වාර්තා […]
ස්පාඤ්ඤයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් බිහිසුණු අනතුරක්

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ආසන්නයේදී සිදු වූ දරුණු මගී දුම්රිය අනතුරකින් දුම්රිය රියදුරෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි, දුම්රිය පීලි පැනීමෙන් අනතුරුව අසල පිහිටි තාප්පයක ගැටීමෙන් මෙම බිහිසුණු විපත්තිය සිදුව ඇත. අනතුරින් මියගිය මගීන් සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් නිශ්චිත තක්සේරුවක් ඉදිරිපත් වී නොමැති වුවද, සහන සේවා […]
රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා

රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විදේශ පාලන සමයන්හිදී පවා බුදුදහම ආරක්ෂා කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබූ බව පෙන්වා දුන් ඒ මහතා, වත්මන් පාලකයන්ටද එම වගකීමෙන් බැහැර විය නොහැකි බව අවධාරණය කළේය. ගාල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී […]
ධීවරයින්ට ඉහළ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව ධීවර ප්‍රජාවගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් හා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. 2026 ජනවාරි 21 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම වැඩපිළිවෙළෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, ධීවර කාර්මිකයාගේ ක්‍රය ශක්තිය සහ අභිමතය පරිදි තමන්ට ගැලපෙන […]