2026 මාර්තු 25 බදාදා, 19:52
නවතම පුවත්

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ පූර්ණ සහාය

රජය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂයෙන්ම 6 ශ්‍රේණිය සඳහා සැලසුම් කර තිබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දූදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බව ඔහු පෙන්වා දෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීමේ වගකීම විපක්ෂය මත පැටවීමට රජය උත්සාහ කළද, […]

ඩයනා ගමගේට එරෙහි නඩුව කල් තැබේ

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ලබන පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව […]

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තීරණාත්මක සටනේ කාසියේ වාසිය ලංකාවට

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද ආරම්භ වීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක විමත් දිනසර ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. මෙවර තරගාවලියේ සුපිරි 6 වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් (Group 1) තරග වදියි. ශ්‍රී […]

පිළිකා ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන CID විමර්ශනයක් ඉල්ලයි

මෙරට පිළිකා රෝහල් පද්ධතිය තුළ පවතින දැඩි ඖෂධ හිඟය සහ වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ඖෂධ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලදී. මෙහිදී […]

සෞඛ්‍ය සේවයට හෙට සිට අලුතින් 213ක්

දිගු කලක් තිස්සේ පවතින පුරප්පාඩු පියවීම වෙනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා අලුතින් තෝරාගත් 213 දෙනෙකුට හෙට (27) දින පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 2021 වසරේදී පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ මෙම බඳවා ගැනීමේ විවෘත තරග විභාගය අවසානයේ පවත්වනු ලැබුවේ පසුගිය 2025 වසරේදීය. මෙම බඳවා ගැනීම් සඳහා මුලින් අවසර හිමිව […]

අද පෙරවරුවේ සිට GMOA අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (26) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ක්‍රමවේද පහක් ඔස්සේ මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බවයි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ රෝහල් පද්ධතිය තුළ නොමැති […]

දෙහිඅත්තකණ්ඩිය සමුපකාරයේ බලය පොදු විපක්ෂයට

අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය සමත්ව තිබේ. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා වූ නිලවරණය ඊයේ (24) දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේදී පවත්වනු ලැබුවේ සහකාර සමුපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේය. මෙම නිලවරණයේදී සාමාජිකයින් 72 දෙනෙකු […]

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ දරුණු රිය අනතුරුවලින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම මාරක අනතුරු අක්මීමන, සේරුනුවර, කිලිනොච්චිය සහ වාරියපොල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 86.6 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථයක් ආරක්ෂක වැටෙහි ගැටී පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් වත්තල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. අනතුරින් […]

මියන්මාර මැතිවරණයේ තෙවන අදියරෙහි ඡන්දය ප්‍රකාශ කිරීම අද

මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසාන අදියරේ ඡන්ද විමසීම අද (25) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මැතිවරණයේදී හමුදාවේ පූර්ණ සහයෝගය ලබන පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. කෙසේ වෙතත්, මෙම මැතිවරණය නිදහස් හෝ සාධාරණ එකක් නොවන බවත්, මෙය හුදෙක් එරට පවතින හමුදා පාලනය නීත්‍යානුකූල කිරීම සඳහා ගන්නා උත්සාහයක් බවත් […]

අමෙරිකාවේ ප්‍රබල හිම කුණාටුව හේතුවෙන් ප්‍රාන්ත 21කට හදිසි තත්ත්වයක්

ඇමෙරිකා එක්සත් ජනපදය පුරා හමායන ප්‍රබල හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රාන්ත 21ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, තවත් ගුවන් ගමන් 8,700කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබේ. මීට අමතරව පාසල් වසා දැමීමටත්, […]