පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් 6 දෙනාගේ වැඩ තහනම්

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමට අයත් පොලිස් නිලධාරීන් හයදෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. අදාළ සැකකරුවන් ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන […]
හිටපු අමාත්‍ය පී. හැරිසන් FCIDයට පැමිණෙයි

හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියේය. ඒ මහතා මෙලෙස කැඳවා ඇත්තේ එම කොට්ඨාසය මගින් දැනට සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. මීට පෙර සිදුකළ දැනුම්දීමකට අනුව ඒ මහතා අද පෙරවරුවේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයක

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (28) පෙරවරු 8.00 සිට දිවයින පුරා පිහිටි සියලුම රෝහල් ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාළිගාවත්ත රෝහලේ විකිරණ පරීක්ෂණ කටයුතු සඳහා සුදුසුකම් නොලත් පුද්ගලයින් යොදාගැනීමට එරෙහිව විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කෙරේ. මෙම වැඩවර්ජනය හේතුවෙන් හෙට දිනයේ සිට රෝහල්වල සිදුකෙරෙන විකිරණ පරීක්ෂණ, […]
වසර 5ක අපරාජිත වාර්තාව රැකගැනීමේ අභියෝගය සමඟ වනිඳු අවසන් තරගයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය 1-1ක් ලෙස දෙපිලම සම මට්ටමේ පසුවන පසුබිමක, ශ්‍රී ලංකාව සතු වසර පහක ද්විපාර්ශ්වික එක්දින තරගාවලි අපරාජිත වාර්තාව රැකගැනීම සඳහා අද තරගයේ ජයග්‍රහණය සත්කාරක කණ්ඩායමට අතිශය වැදගත් වේ. මෙම තීරණාත්මක තරගය සඳහා මීට පෙර […]
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ ගිගුරුම් සහිත වැසි සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් […]
ශිරන්ති FCID එන්න බෑ කියයි

පෞද්ගලික හේතූන් මත තමාට අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව අදාළ විමර්ශන සඳහා පෙනී සිටීමට ඇය විසින් සති දෙකක කාලයක් ඉල්ලා ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය තුළ ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ […]
ශිරන්ති රාජපක්ෂ හෙට FCIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හෙට (27) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඇය විසින් පවත්වාගෙන ගිය ‘සිරිලිය’ පදනමට අදාළ ගිණුමක සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස ඇයව […]
රාජාංගනය කුණාටු වන්දි චෙක්පත් අගරු වෙයි

රාජාංගනය ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද ආපදා වන්දි චෙක්පත් රැසක් බැංකුවලින් ප්‍රතික්ෂේප වී (Return) ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා අනාවරණය කරයි. ජනාධිපතිවරයා පුද්ගලිකවම රාජාංගනය ප්‍රදේශයට පැමිණ, විපතට පත් වූ පළමු නිවස ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබා පිරිනැමූ නිල වන්දි චෙක්පත පවා මේ වන විට අගරු […]
බිබිල – බදුල්ල මාර්ගයේ බිහිසුණු අනතුරක්: විසි දෙනෙකු රෝහලේ

බිබිල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව තුවාලකරුවන් කඩිනමින් බිබිල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. […]
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු

ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහණයෙන් සියයට තිහක පමණ පිරිසක් විවිධ මානසික ගැටලුවලින් පීඩා විඳින බවට සෞඛ්‍ය අංශ විසින් බරපතළ අනාවරණයක් සිදුකර තිබේ. කොළඹදී පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය සඳහන් කළේ, වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටි ප්‍රජාව අතර මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවයි. මෙරට වැඩිහිටි ජනගහණය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් […]