ප්‍රධාන දුරකථන සේවා ආයතනයක ප්‍රධානීන්ගෙන් සේවකයෙකුට තර්ජනඩිජිටල් උපකරණ ත් බලෙන් අරගෙන

මොබිටල් ආයතනයේ සේවකයෙකුගේ නිවසට කඩා වැදී ඔහුගේ බිරිඳ සතු ජංගම දුරකථනය සහ සේවකයාගේ පෞද්ගලික උපකරණ බලහත්කාරයෙන් ලබා ගැනීමේ පුවතක් වාර්තා වේ.
සැඟවුණු ගිනි අවි එළියට එයි

දෙහිවල වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබුන පිස්තෝල අවියක් සහ පතොරොම් තුනක් සොයාගෙන ඇත. ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී මෙම පිස්තෝලය සොයාගත් බව පොලීසිය නිවේදන කරයි.
තිස් වසරක යුද්ධයට වඩා දිට්වා සුලි කුණාටුව බලවත් ?

සිංහල සංවිධාන එකමුතුවේ විධායක සභික ඓශ්චර්‍ය ගුණරත්න අධිකාරි පවසන්නේ , නිදහස් දින උලෙළ තුලදී රණවිරුවන් විසින් තිස් අවුරුදු යුද්ධයෙන් මෙරට බේරාගත් ජයග්‍රහණයට වඩා දිට්වා සුළි කුණාටුවෙන් මිනිස් ජීවිත බේරා ගැනීම පමණක් රණවිරුවන් විසින් ම මෙරට ට කරන ලද සේවයක් පමණක් ලෙස ජනාධිපතිවරයා විසින් සිහිපත් කළ බවය.
සාමාන්‍ය බස් තියෙන්නෙ කඩේ යන්න, AC බස් වල ගමන් යන්න.

හොරණ සිට කහතුඩුව අන්තර් හුවමාරුව හරහා පිටකොටුව දක්වා ධාවනය වන නව බස් සේවාවක් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට විරෝධය පළ කරමින් සඳුදා (03) වර්ජනය ආරම්භ කෙරූ අතර අදත් එය ක්‍රියාත්මක වේ.
හේමාල් ගැහුවෙ ලක්මිණටද ?

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ , පහරදීමක් සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පසු නිදහස්වූ බව වාර්තා වුණා.
ජනතා සහය විශ්වාසයි ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව යලි ගොඩනැගීම යනු ආර්ථිකය යලි ප්‍රතිස්ථාපන කිරීම බව ජාතික නිදහස් දිනය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සදහන් කළේය. එතුමා තවදුරටත් සදහන් කලේ ,ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමට නම් අනෙක් රටවල් සමග උරෙන් උර ගැටෙන මානව සම්පතක් නිර්මාණය කළ යුතු බවය. දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමට අධ්‍යාපනයේ විශාලතම පරිවර්තීනය යුගයක් ආරම්භ කල යුතු බවත් […]
හෙරොයින් කිලෝ තුනක් එක්ක දෙදෙනෙක් පොලිස් දැලේ

හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 18ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ (03) රාත්‍රී කාලයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, කිරිබත්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සංවාදයටහිටපු ජනපතිවරු 5ත් එක්ක අගමැති වාඩිවෙයි

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණින් ‘OneText’ ආයතනය විසින් මෙහෙයවනු ලබන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සංවාද ක්‍රියාවලිය දියත් කිරීමේ විශේෂ සමාරම්භක උළෙල හෙට, පෙබරවාරි 03 වන දින සවස 4:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය මහාචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් පවත්වනු ලබන අතර, ඉන් අනතුරුව මෙරට දේශපාලන […]
අස්වැසුම සහ වැඩිහිටි දීමනා හෙට සිට බැංකු ගිණුම්වලට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු සහ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා වන ජනවාරි මස දීමනාව මෙන්ම අදාළ වැඩිහිටි දීමනා ද හෙට (28) දින බැංකු ගිණුම් වෙත බැර කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,415,584ක් සඳහා රුපියල් බිලියන 11.2කට අධික මුදලක් ද, […]
තීරණාත්මක අවසන් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. දෙපිලටම තීරණාත්මක වන මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවන අතර, දැනට තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ […]