
අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය පියවර ගෙන තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම යෝජනාවට අත්සන් තැබීම සිදු විය. වත්මන් රජය හඳුන්වා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු කරුණු අන්තර්ගත වීම සහ පෙළපොත්වල විෂය […]
ඉන්දීය යුද හමුදාපති ශ්‍රී ලංකාවට

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරය දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු කෙරෙන්නකි. තම සංචාරය අතරතුර ඉන්දීය හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද හමුවීමට නියමිතව තිබේ. මෙහිදී දෙරටටම […]
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද පෙරවරුවේ හදිසියේ අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අද (07) පෙරවරු 9.53 ට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කොටස් වෙළෙඳපොළ බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවකින් අනතුරුවය. අද දින පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ ද්වීයිතීක ගනුදෙනු සඳහා අවතීර්ණ වූ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් මෙම තත්ත්වයට හේතු වී ඇත. එම […]
6 පොතේ මතභේදාත්මක පාඩම ඉවත් කිරීමට අනුමැතිය හිමිවෙයි
පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගත එක්තරා පාඩමක් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඊයේ (06) දින අදාළ අනුමැතිය හිමිවූ බවයි. අදාළ පාඩම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් එල්ල කළ විවේචන සහ සමාජයීය කරුණු සලකා බැලීමෙන් අනතුරුව […]
පාසල් සිසුන් වෙනුවෙන්ම නාවලපිටිය – හැටන් අතර විශේෂ දුම්රිය සේවාවක්

පසුගියදා බලපෑ ‘දිට්වාසුලි’ කුණාටුවෙන් පසුව නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ, සිසුන්ට සහ රාජ්‍ය සේවකයින්ට සහනයක් සැලසීම පිණිස නාවලපිටිය සහ හැටන් අතර විශේෂ මගී දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ. පසුගිය 05 වැනිදා වටවල දක්වා පමණක් සීමා වී තිබූ මෙම දුම්රිය සේවාව, මගී ඉල්ලුම සලකා බලා 06 වැනිදා සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා […]
විගණකාධිපති පුටුව තවමත් හිස්: විගණන නිලධාරීන්ගේ වැටුප් සහ ඉන්ධන දීමනා අර්බුදයක

මාසයකට ආසන්න කාලයක් තිස්සේ විගණකාධිපති තනතුර පුරප්පාඩුව පැවතීම හේතුවෙන් ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය හා පරිපාලන කටයුතු බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. ආයතන ප්‍රධානියෙකු නොමැති වීම නිසා නව වසරට අදාළ මූල්‍ය බලතල බෙදා දීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් විගණන කාර්යාලයේ සේවය කරන 2000 කට අධික සේවක පිරිසගේ ජනවාරි මාසයේ වැටුප් ගෙවීමේ කටයුතු […]
පාසල් නිල ඇඳුම් බෙදාදීම ලබන 15 ඇරඹෙයි

රජයේ පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු එළඹෙන ජනවාරි මස 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම බෙදා හැරීමේ ක්‍රියාවලිය පෙබරවාරි මස 15 වැනිදා දක්වා මාසයක කාලයක් පුරා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය. ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිල ඇඳුම් සැපයීම […]
උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නිවේදනයක්

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ මෙතෙක් පවත්වා නොමැති විෂයයන්ට අදාළ විභාග කටයුතු එළඹෙන ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අයහපත් කාලගුණය ඇතුළු විවිධ හේතූන් මත මෙම විෂයයන්ට අදාළ විභාග කටයුතු මීට පෙර කල් දැමීමට සිදුවිය. විභාගය නැවත ආරම්භ කිරීමට සමගාමීව, […]
ඩොලරයේ අගය යළිත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයේ අගය නැවතත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.23 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 313.76 ක් ලෙස දැක්වේ. අද දිනයේ මෙරට ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් […]
මහනුවර සහ වත්තේගම අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ
පසුගිය කාලයේ ඇති වූ සුළි කුණාටු තත්ත්වය සහ ඒ සමඟින් වාර්තා වූ නායයෑම් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මාසයකට අධික කාලයකට පසු අද (06) සිට යළි ආරම්භ කර තිබේ. දැනට මෙම ධාවන කටයුතු මහනුවර සිට වත්තේගම දක්වා පමණක් සීමා කරමින් පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කරන බව මහනුවර දුම්රිය ස්ථානය […]