2026 මාර්තු 30 සඳුදා, 21:56
නවතම පුවත්

දියගම රක්ෂිතයට “ආරක්ෂක වැටක්”. ක්‍රීඩා ඇමැතිගෙන් හදිසි නියෝගයක්!

ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කළත් එක ගසක්වත් කැපීමට ඉඩ නොදෙන බවට සහතිකයක්. දියගම “පරිසර හිතකාමී සංචාරක කලාපයක්” කිරීමට සැළසුම්. හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමේදී අවට ඇති වටිනා වන පද්ධතියට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි. ඊයේ (ජනවාරි 07) දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ […]

දිවයින පුරා තද වැසි සහ ගංවතුර අවදානමක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ පළාත් රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි, ගංවතුර සහ නායයෑම් අවදානමක් මතුව තිබේ. ආපදා […]

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ලොරියක් පීලි මතට ලිස්සා යයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ, කරිත්තකන්ද ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. පොලිසිය සඳහන් කළේ උදෑසන 7.30 ට පමණ දුම්රිය මාර්ගයට ආසන්න මාර්ගයක ධාවනය වූ ලොරි රථයක් පාලනය කරගත නොහැකිව දුම්රිය පීලි මතට ලිස්සා ගොස් ඇති බවයි. මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ ප්‍රධාන […]

බදු නොගෙවූ කඩ කාමර 15කට මුද්‍රා තැබෙයි

නාවලපිටිය නගර සභාවට අයත් සුපිරි වෙළෙඳ සංකීර්ණයේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබූ වෙළෙඳසැල් 15ක් මුද්‍රා තබා රජයට පවරා ගැනීමට මධ්‍යම පළාත් ආදායම් පරීක්ෂකවරුන් අද (07) පියවර ගෙන තිබේ. රුපියල් ලක්ෂ 150කට ආසන්න හිඟ බදු මුදල් අයකර ගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් ලේකම්වරියගේ නියෝගයක් මත මෙම වැටලීම සිදු කෙරිණි. 2010 වසරේදී මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉදිකරන […]

වෙනිසියුලා අර්බුදය ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්

වෙනිසියුලාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඉන්දියාව සිය දැඩි අවධානය යොමු කර ඇති අතර, එරට ජනතාවගේ යහපැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ සිදුවන මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ඉන්දියාව කනස්සල්ලෙන් පසුවන බවයි. මෙම නිවේදනය නිකුත් වන්නේ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ […]

ලොව පවතින සාධාරණම විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණ නාමයෙන් විනාශ කරන්න එපා.

ලෝකයේ වඩාත්ම සාධාරණ විභාග ක්‍රමය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් අවුල් නොකළ යුතු බව එස්.අයි.බී.සී. ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යක්ෂ බුද්ධි නන්දන කහඳවල මහතා පවසයි. පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය ශ්‍රී ලංකාවට ආදේශ කිරීම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරන ඒ මහතා පෙන්වා දෙන්නේ, පින්ලන්ත ක්‍රමය මෙරටට ගෙන ඒමට පෙර කළ යුත්තේ ලංකාව පින්ලන්තයක් බවට පත් කිරීම බවයි. එබැවින් හුදු ප්‍රකාශ […]

සාරා ජස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි: අවශ්‍ය ඕනෑම අවස්ථාවක වරෙන්තු ලබා ගැනීමට සූදානම්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද, ඇය තවමත් ජීවතුන් අතර සිටින බවට විමර්ශන අංශ මගින් කරුණු අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු […]

සෝමාවතිය – සුංගාවිල මාර්ගය අඩාල වෙයි: සැහැල්ලු වාහන ධාවනය අත්හිටුවයි

පොළොන්නරුව ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) පෙරවරු 8.30 සිට සැහැල්ලු වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි, මෙම මාර්ගයේ දිග්ගල ප්‍රදේශය මේ වන විට අඩි එකහමාරක් පමණ ජලයෙන් යට වී ඇත. පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල මට්ටම තවදුරටත් ඉහළ […]

නුවරඑළිය ග්‍රෙගරි වැවට සී-ප්ලේන් යානයක් කඩා වැටෙයි

නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට උත්සාහ කළ සී-ප්ලේන් (Sea Plane) වර්ගයේ ගුවන් යානයක් අද (07) දහවල් 12.30 ට පමණ අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරෙන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි. පොලිසිය පවසන පරිදි, මෙම ගුවන් යානය නුවරඑළිය ප්‍රදේශයේ රැඳී සිටින සංචාරකයින් පිරිසක් රැගෙන […]

කැල්ටෙක් විශ්වවිද්‍යාලයේ සභාපති ලෙස ආචාර්ය රේ ජයවර්ධන පත්වෙයි

ලොව සුප්‍රකට කැලිෆෝනියා තාක්ෂණික ආයතනය හෙවත් කැල්ටෙක් (Caltech) විශ්වවිද්‍යාලයේ 10 වැනි සභාපතිවරයා ලෙස ප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥයෙකු සහ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන පරිපාලකයෙකු වන ආචාර්ය රේ ජයවර්ධන මහතා පත් කර තිබේ. වසර 105ක ඉතිහාසයක් ඇති මෙම කීර්තිමත් ආයතනයේ සභාපති ධුරයට පත් වන පළමු ශ්‍රී ලාංකිකයා ඔහු වීම විශේෂත්වයකි. දැනට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා (Provost) […]