EPF සහ ETF වෙනුවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගෙන ඒමේ සූදානමක් නැහැ
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ප්‍රතිලාභ අහෝසි කර ඒ වෙනුවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආදේශ කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. පසුගිය බ්‍රහස්පතින්දා (08) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ EPF සහ ETF දායකත්වයන් ඉවත් කර විශ්‍රාම වැටුප් ක්‍රමයක් […]
ශ්‍රී ලංකා විනිසුරුවරුන් තිදෙනෙක් ජාත්‍යන්තර පිටියට අඩිය තබති

පාකිස්තානයට එරෙහිව අද (ජනවාරි 7) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි-20 තරගයේදී නවක ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරුන් තිදෙනෙකු සිය ජාත්‍යන්තර මංගල ගමන ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමක් බවට පත්ව තිබේ. මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස රවීන්ද්‍ර කොට්ටහච්චි සහ චාමර ද සොයිසා ප්‍රථම වතාවට ජාත්‍යන්තර පිරිමි තරගයකදී කටයුතු කරනු ලබයි. රවීන්ද්‍ර කොට්ටහච්චි මහතා මීට පෙර අන්තර්ජාතික […]
පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

පේරු රාජ්‍යයේ අද (08) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයකින් වාර්තා වූ බවයි. එරට වේලාවෙන් අද අලුයම 12:01 ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 107ක් පමණ ගැඹුරින් පිහිටි […]
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩ වරදී

මත්පැන් පමණක් නොව, විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රථවාහන පදවන රියදුරන්ට එරෙහිව අද (08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මීට පෙර මත්පැන් පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමට ක්‍රමවේද තිබුණද, වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පැවති බාධා මෙම නව වැඩපිළිවෙළ හරහා ඉවත් වන බව […]
මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 6.82 ක් දක්වා ඉහළට

2025 වසර අවසානය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් හා සැසඳීමේදී 13.1%ක සැලකිය යුතු වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, මෙම සංචිත වර්ධනය සඳහා ප්‍රධාන […]
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට හෙට සිට නව නිවාස
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි, මෙම වැඩසටහනේ සමාරම්භක කටයුතු අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව: අනුරාධපුර දිස්ත්‍රික්කයේ: ගල්නෑව, […]
ඉන්දීය යුද හමුදාපති සහ මෙරට ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා සහ මෙරට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර නිල හමුවක් අද (08) කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදු විය. ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය හමුදාපතිවරයා ඇතුළු දූත පිරිස නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු […]
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඇප මත මුදාහැරෙයි

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීම සහ ඇයගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ඇප මත මුදාහැර තිබේ. අද (08) දින නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළේය.
පීඩන අවපාතය හෙට දිවයිනට ඇතුළු වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ හම්බන්තොට සහ කල්මුණේ ප්‍රදේශවලින් දිවයිනට ඇතුළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මේ බව අනාවරණය කළේය. දැනට පවතින නිරීක්ෂණ අනුව මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් […]
විදුලිබල මණ්ඩල සේවකයන් ස්ථීර කරන්න 5000 ගානෙ අරන් ගෙදර යවන්නත් සල්ලි ඉල්ලයි

” අද ලෝකයේ අවම තෙල් මිල තියෙන්නේ . මේ තරම් අර්බුද හමුවේත් බොරතෙල් බැරලය ඩොලර් 60 ට වැටිලා . නමුත් ලංකාව ඩොලර් 87 ගාණට තමයි අපිට බොරතෙල් දෙන්නේ . ඉතාම බරපතල සූරාකෑමක් මෙතන සිදුවන්නෙ . කවුරු සූරන් කනවද කියලා පැහැදිලි නෑ නමුත් විශාල සූරාකෑමක් මේක . ඩීසල් පෙට්‍රල් හරහා ලීටරයකට රුපියල් 120 ක් විතර රජය […]