2026 මාර්තු 30 සඳුදා, 18:39
නවතම පුවත්

කොළඹ – මහනුවර පාර කඩවතින් වාහන ධාවනය සීමා වෙයි

කඩවත සහ මීරීගම යා කෙරෙන අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදිකිරීම් කටයුතු හේතුවෙන්, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ (A1) රථවාහන ගමනාගමනය අද (10) සිට සීමා කරන බව පොලිසිය නිවේදනය කරයි. මාර්ගය භාවිත කරන්නන් සඳහා පොලිසිය නිකුත් කර ඇති විශේෂ රථවාහන සැලැස්ම මෙසේය: කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත සහ පුවක්පිටිය අතර කොටසේ එක් මංතීරුවක් මෙලෙස වසා තැබේ. […]

ශ්‍රී පාද වන්දනාවට දැන් අවසර: මහගිරිදඹ ප්‍රදේශයේ අවදානම පහව යයි

ශ්‍රී පාද – හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ පැවති නායයෑමේ අවදානම මේ වන විට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) තහවුරු කර තිබේ. ඒ අනුව වන්දනාකරුවන්ට කිසිදු බියකින් තොරව එම මාර්ගය භාවිත කළ හැකි බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය දොරපනේ සුමනජෝති නාහිමියෝ පවසති. මෙම තත්ත්වය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් මෙන්න: ප්‍රතිසංස්කරණ කටයුතු: දිට්වා […]

ගල් අඟුරු වංචාව ගැන විවාදයකට එන්න: ඩී.වී චානකගෙන් බලශක්ති ඇමතිට අභියෝගයක්

වත්මන් රජය යටතේ සිදුව ඇති බව කියන දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් ඕනෑම රූපවාහිනී නාලිකාවක විවෘත විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අභියෝග කරයි. අදාළ ගල් අඟුරු ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත එකක් බව තමා සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. වත්මන් රජය […]

ඉරානය පුරා පාලන විරෝධී රැළි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් අගනුවර වන ටෙහෙරානය ඇතුළු එරට ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබේ. මෙය වසර ගණනාවකට පසු ඉරාන පාලනයට එල්ල වූ ප්‍රබලතම සහ විශාලතම ජනතා විරෝධය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙහෙරානය සහ මාෂාඩ් යන නගර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මෙම විරෝධතා […]

ආගිල් වතුයායේ ලයින් නිවාස පේළියක ගින්නක්

දිඹුල පතන පොලිස් වසමට අයත් ආගිල් වතුයායේ ලයින් නිවාස පේළියක අද (ජනවාරි 09) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්නෙන් නිවාස දෙකකට සහ එහි තිබූ දේපළවලට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ. ගින්න හටගෙන ඇත්තේ නිවාස තුනකින් සමන්විත ලයින් කාමර පේළියක වන අතර, පෙරවරු 8.00 ට පමණ ගින්න ආරම්භ වී ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ […]

අධ්‍යාපන මොඩියුලර් සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

දෙවන සහ තෙවන පාසල් වාරවලට අදාළ අධ්‍යාපන මොඩියුලර් පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි (Web Links) ඇතුළත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (ජනවාරි 09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබූ බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. අධ්‍යාපන […]

ග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය ගොඩගැනීමේ මූලික උත්සාහයන් අසාර්ථක වෙයි

නුවරඑළිය ග්‍රෙගරි වැවට පසුගිය 07 වනදා කඩා වැටුණු පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා (Cessna) වර්ගයේ සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීමට ඊයේ (08) දින දරන ලද උත්සාහයන් අසාර්ථක වී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පවතින දුෂ්කරතා හේතුවෙන් යානය ගොඩගැනීම සඳහා වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master Divers) සහය ලබා […]

දිට්වා සුළි කුණාටු වින්දිතයින්ට ලක්ෂ 50ක නිවාස වන්දි ලබාදීම අනුරාධපුරයෙන් ඇරඹෙයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමේ සහ නව නිවාස ඉදිකිරීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 9) අනුරාධපුරයෙන් ආරම්භ විය. ‘Rebuilding Sri Lanka’ (ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම) මැයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ, පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ […]

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇප මත මුදාහරියි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇප මත මුදා හැරීමට ගම්පහ අධිකරණය අද (ජනවාරි 09) නියෝග කළේය. සැකකාර හිටපු අමාත්‍යවරයා අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නඩුවට පාදක වී ඇත්තේ 2001 වසරේදී ඩග්ලස් දේවානන්දා […]

6 පොතේ අර්බුදය පිටිපස්සෙ ඉන්නේ මාලිමා අපේක්ෂිකාවගේ පියා. දයාසිරි ජයසේකරගෙන් හෙළිදරව්වක්

හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයට අදාළව මතුව ඇති අර්බුදය පිටුපස දර්ශන සමරවීර නැමැති නිලධාරියෙකු සහ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සිටින බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අදාළ මොඩියුලය සකස් කළ දර්ශන සමරවීර නැමැති නිලධාරියා ජාතික ජන බලවේගය (NPP) සමඟ සම්බන්ධකම් පවත්වන්නෙකු බවත්, ඔහුගේ දියණිය පන්නල ප්‍රාදේශීය සභාව සඳහා […]