2026 මාර්තු 28 සෙනසුරාදා, 21:46
නවතම පුවත්

නව හමුදා මූලස්ථානය අසල ප්‍රදේශයකදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි

බත්තරමුල්ල, අකුරේගොඩ, බටපොත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා සිදුකළ පුද්ගල ඝාතනයක් පිළිබඳව අද (12) පෙරවරුවේ වාර්තා විය. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 72 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. මියගිය පුද්ගලයා සිය නිවසේ කොටසක් කුලියට ලබා දී තිබූ අයෙකු වන අතර, මීට පෙර එම නිවසේ කුලියට සිටි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය […]

විපක්ෂ නායකට 59 යි : ගංගාරාමයේදී ආශිර්වාද පූජාවක්

සමගි ජන බලවේගයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) සිය 59 වැනි උපන්දිනය සමරනු ලබයි. මෙරට දේශපාලන කරළිය උණුසුම් වී පවතින මොහොතක යෙදී ඇති මෙම උපන්දිනය නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන ආගමික වැඩසටහන අද දහවල් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී […]

විමල් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (12) පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. රජය විසින් හඳුන්වා දීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බව වාර්තා වේ. සත්‍යග්‍රහයේ නිරත පිරිස ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇති අතර, දැනට […]

නොරොච්චෝලේ අක්‍රීයව තිබූ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට

තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් සමත්ව තිබේ. කෙසේ වුවද මෙම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට කටයුතු කර නොමැති අතර, අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ එය පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතව ඇත. නොරොච්චෝලේ […]

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට ITAK සහය නෑ

අගමැතිනි හරිනි අමරසුරිය මහත්මියට සහ ඇය දරන අධ්‍යාපන අමාත්‍ය ධුරයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහය නොදීමට ඉලංකයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය තීරණය කර තිබේ. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය. අගමැතිනියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ දක්වා […]

චීන විදේශ අමාත්‍ය දිවයිනට පැමිණෙයි

චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මහතා ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත විශේෂ චීන දූත පිරිසක් අද (12) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැති නිල සංචාරයකින් අනතුරුව යළි චීනය බලා යන අතරවාරයේදී අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙලෙස කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි විදේශ අමාත්‍යවරයා ඇතුළු […]

ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට(12) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම සෙසු ප්‍රදේශවල ප.ව 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ. නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.බස්නාහිර, සබරගමුව […]

උතුරු දුම්රිය මාර්ගය අලුත් වෙයි

උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ අද (ජනවාරි 11) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ලබන ජනවාරි 19 වනදා සිට මහව සහ ඕමන්ත අතර දුම්රිය ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇත. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාවෙන් ලබාදෙන ආධාර මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් වැය වනු ඇති බවට […]

නායයෑමේ අවදානම තවදුරටත්

පවතින වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, දිස්ත්‍රික්ක කිහිපයක පවතින නායයෑමේ අවදානම සැලකිල්ලට ගෙන නිකුත් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස තවදුරටත් සංතෘප්ත […]

දිවයින පුරා වෛරස් රෝග ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමක්

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල වෛරස් රෝග ව්‍යාප්ත වීමේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක මහතා අනතුරු අඟවයි. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රධාන වශයෙන් ඉන්ෆ්ලුවන්සා A (Influenza A) සහ ඉන්ෆ්ලුවන්සා B (Influenza B) වෛරස් කාණ්ඩ දෙකෙහිම ව්‍යාප්තියක් හඳුනාගෙන ඇති බවයි. මීට අමතරව, ඉන්ෆ්ලුවන්සා නොවන වෙනත් වෛරස් […]