2026 මාර්තු 28 සෙනසුරාදා, 18:55
නවතම පුවත්

රමිත රඹුක්වැල්ලට එරෙහි වත්කම් නඩුව යළි කැඳවීමට නියෝග

නීති විරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 11 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) නියම කළේය. මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. එහිදී අධිකරණය තීන්දු කළේ […]

නැගෙනහිර පළාතේ වෛද්‍යවරු වැඩවර්ජනයක

නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබේ.අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත් එම තනතුර සඳහා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු පත් කරන ලෙසත් ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කර ඇත.ඒ අනුව නැගෙනහිර පළාතේ, මහා රෝහල් 02ක, ශික්ෂණ රෝහලක, […]

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි-බස් අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම් අතර ප්‍රදේශයේදී අද (13) උදෑසන ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ මාතර දෙසට ධාවනය වන මංතීරුවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව දක්ෂිණ අධිවේගී මාර්ග […]

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 81 වන වියේ පසු වූ අතර, අද (13) උදෑසන ඔහුගේ අභාවය සිදුව ඇති බව වාර්තා වේ. දශක ගණනාවක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලුණු ඒ මහතා, විශේෂයෙන්ම මෙරට ආරක්ෂක ක්ෂේත්‍රය […]

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) දහවල් නිවේදනය කළේය. මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. අවදානම් සහිත ප්‍රදේශකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පහත සඳහන් පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි: […]

විමල්ට අධිකරණ නියෝගයක්

බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) නියෝගයක් නිකුත් කර තිබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් සහ අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් […]

රත්මලාන බිහිරි විද්‍යාල භූමියෙන් උණ්ඩ තොගයක් හමුවේ

රත්මලාන බොරුපන බිහිරි විද්‍යාල භූමියේ වළදමා තිබූ දෙවන ලෝක යුද්ධ සමයට අයත් බවට සැකකෙරෙන උණ්ඩ 1,770 ක තොගයක් සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වාර්තා කරයි. මෙම උණ්ඩ තොගය මුලින්ම නිරීක්ෂණය වී ඇත්තේ එම විද්‍යාලයේ ගුරුවරයෙකු සිසුන් සමඟ එක්ව කසළ දැමීම සඳහා වළක් කපමින් සිටි අවස්ථාවකදීය. බිස්කට් දවටන දෙකක ඔතා තිබූ මෙම උණ්ඩ තොගය දුටු වහාම […]

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දකුණ කැළඹෙද්දී අනුර උතුරට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 15 සහ 16 යන දෙදින තුළ යාපනය දිස්ත්‍රික්කයේ විශේෂ උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා පහත සඳහන් ප්‍රධාන උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමට නියමිතය:2026 ජනවාරි 15: පස්වරු 02.00 ට වේලනයි, තුරෛයුර් හි අයියනාර් […]

රජය විවේචනය කළා ‘යි උවිඳු ට තර්ජනයක්

රජය විවේචනය කළා යැයි උවිඳු කුලකුලසූරියට ෆේස්බුක් හරහා එල්ලකොට තිබූ තර්ජනයකට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ අදහස් දක්වා තිබිණි . ” මම බොහොම බය වුනා. මම ආයෙ ආණ්ඩුව විවේචනය කරල මොකුත් ලියන්නෙ නැහැ. උදේ නැගිට්ට ගමන් දැක්ක පණිවිඩය මේ. ‘තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා’ලූ. මේ ප්‍රොෆයිල් ලොක්කරන් ඉන්න පොර මීට මාසෙකට පෙර මට ටිකක් ආදරෙන් […]

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති තමන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) ප්‍රකාශ කළේය. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අමෙරිකානු හමුදා භාරයට ගැනීමත් සමඟ හටගෙන ඇති දැඩි ජාත්‍යන්තර අර්බුදය මධ්‍යයේ ට්‍රම්ප් විසින් මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර තිබේ. තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විකිපීඩියා (Wikipedia) […]