2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 05:51
නවතම පුවත්

ඇ.ඩො.මි. 12.75 ක ආයෝජනයක් අහිමි වෙයි . චීන ආයෝජකයින් අම්බුළුවාව හැර යයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස සැලකෙන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ, එම ව්‍යාපෘතියේ ආයෝජක Amber Adventures (Pvt) Ltd සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමේ දැඩි තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තා වේ. සමාජ මාධ්‍ය හරහා පැතිර යන අසත්‍ය තොරතුරු සහ පැමිණිලි පදනම් කරගනිමින්, නිසි තාක්ෂණික සොයා […]

ඉරානය ලේ විලක් වෙයි: මරණ 2,000 පනී. ට්‍රම්ප්ගෙන් “සහන” පොරොන්දුවක්!

ඉරානය පුරා පසුගිය දින 17ක් මුළුල්ලේ ක්‍රියාත්මක වන රජයට එරෙහි මහජන විරෝධතා මර්ධනය කිරීමේදී මියගිය සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව මානව හිමිකම් සංවිධානය තහවුරු කරයි. අමෙරිකාව පදනම් කරගත් ‘HRANA’ පුවත් ඒජන්සිය පවසන්නේ දරුණු අන්තර්ජාල සීමා කිරීම් මධ්‍යයේ වුවද මියගිය විරෝධතාකරුවන් 1,850 දෙනෙකු සහ කුඩා ළමුන් 9 දෙනෙකු පිළිබඳ තොරතුරු මේ වන විට තහවුරු […]

විමල් ගේ සත්‍යග්‍රහය අවසන්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් කර තිබේ. රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කළ බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මෙම පියවර ගත් බව වාර්තා වේ. නව […]

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් යයි

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු යළි සමාලෝචනය කිරීමටත්, එම වැඩපිළිවෙළ 2027 වසර දක්වා කල් දැමීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. අද (13) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය. පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළ ගැටලුකාරී […]

අපරාධකරුවෙකු ඇසුරු කළ බ්‍රිතාන්‍ය හිටපු ඇමති මැන්ඩෙල්සන් ජනතා සමාව අයදී.

ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් වරදකරු බවට පත්වීමෙන් පසුවත් ඔහු සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අමාත්‍ය ලෝඩ් මැන්ඩෙල්සන් පීඩාවට පත් වින්දිතයන්ගෙන් පෞද්ගලිකව සමාව අයැද තිබේ. මීට පෙර ඔහු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ, එප්ස්ටයින් පැවසූ බොරු විශ්වාස කරමින් ඔහු ඇසුරු කිරීම තමා අතින් සිදු වූ බරපතල වැරැද්දක් බව මැන්ඩෙල්සන් […]

බත්තරමුල්ලේදී වාහනවලට පහරදුන් යතුරුපැදිකරු වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට

බත්තරමුල්ල, දියත උයන ආසන්නයේදී ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට යතුරුපැදිකරුවෙකු විසින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ලෙස සංසරණය වෙමින් පවතී. ඊයේ (12) සවස් කාලයේදී සිදු වූ මෙම සිදුවීමේදී, අදාළ යතුරුපැදිකරු සිය අතෙහි තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිත කරමින් මාර්ගයේ ගමන් ගත් වාහනවලට හානි සිදු කරන අයුරු එහි දැක්වේ. මෙම පහරදීම සම්බන්ධයෙන් වහාම […]

ඉරානයට එරෙහිව හමුදාමය ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප්ගේ අවධානය

ඉරානය තුළ පවතින දැඩි සිවිල් නොසන්සුන්තාව සහ විරෝධතා මර්දනය කිරීම හමුවේ, එරටට එරෙහිව ගත හැකි හමුදාමය ප්‍රහාර, සයිබර් මෙහෙයුම් සහ රහසිගත ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්ටගන් ආරක්ෂක මූලස්ථානය විසින් ජනාධිපති ට්‍රම්ප්ව දැනුවත් කර ඇත. මීට අමතරව, ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 25% ක වෙළඳ බද්දක් පැනවීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. විරෝධතා […]

අධ්‍යාපන වෘත්තිය සමිති කිහිපයක් අද ජනපති හමුවෙයි

ජනාධිපතිවරයා සහ අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිතව තිබේ. රජය විසින් හඳුන්වා දීමට අපේක්ෂිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කරුණු පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කිරීමට නියමිත වුවද, මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇත්තේ රජයට හිතවත් සංගම් කිහිපයකට පමණක් බවට ඇතැම් වෘත්තීය සමිති විසින් චෝදනා එල්ල කරමින් සිටී. මෙම ප්‍රතිසංස්කරණ […]

ලක්ෂ්මන් යාපා සහ ජයන්ත එදිරිසිංහට එරෙහි නඩුව පෙබරවාරි 10 දක්වා කල් තබයි

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (13) නියම කළේය. මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම […]

6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම ආරම්භ වෙයි

2025 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව, 2026 වර්ෂය සඳහා රජයේ පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි මෙම අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඊයේ, එනම් ජනවාරි 12 වනදා සිට ලබන ජනවාරි 25 වනදා දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ […]