මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් […]
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප ලබා දීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම පිරිසට එරෙහි නඩුව අද යළිත් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනකුට ගම්පහ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් හා පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක් මෙලෙස අද යළි අධිකරණයට ඉදිරිපත් කෙර්.
කලුතර තැපැල්පෙට්ටිය අසල නාදුනන මළ සිරුරක්

කලුතර වස්කඩුව තැපැල් පෙට්ටිය අසල සුදු ඉර ඉදිරියේ ඇති කානුව තුල තිබී නාදුනන මල සිරුරක් හමුවී ඇත. ගම් වාසීන් විසින් මෙම මළ සිරුර දැක කලුතර උතුර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව පොලිස් ආරංචී මාර්ග සදහන් කොට ඇත.
ගාල්ලේ දෙවට ප්‍රදේශයේ දරුණු ගින්නක්

ගාල්ලේ දෙවට ප්‍රදේශයේ පැරණි යකඩ එක්රැස් කරන වෙළදසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ තුනක් ක්‍රියාත්මක කර ඇති අතර ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබෙනවා. මේ වනවිට එහි තත්වය පාලනය වී තිබෙනවා.
කලුතරදී වැරදුණු උණ්ඩය

කලුතර මහනගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබේ.පොලිසිය විසින් සදහන් කළේ මෙම වෙඩිතැබීම ඊයේ (07) රාත්‍රීයේ සිදුව ඇති බවයි. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න මහතා වේ. මීට පෙර අවස්ථාවකදීත් මොහු ඉලක්ක කරගනිමින් මීට මාස […]
විදුලි රැහැනක් නිසා දිවි අහිමි වූ මව සහ දියණිය

ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. අද (07) උදෑසන 10.00 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි වෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
නාගරික සංවර්ධන අදිකාරියේ තවමත් දේශපාලන අවතාර අරක්ගෙනද?

මෝදර හෙලමුතු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් සිරුරේ වැදීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 7ක දරුවෙකි. පොලිසිය සඳහන් කළේ ඊයේ මෙම අනතුර සිදුවී බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී ඇති බව ය. මේ සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය […]