2026 අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා, 16:22
නවතම පුවත්

ආසියාවේ වැඩිම වේගයකින් වැඩිහිටි ජනගහනය වර්ධනය වන රටක්?

ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කලාපය තුළ වයස්ගත ජනගහනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන රටක් බවට පත්ව තිබේ. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය පෙන්වා දෙන පරිදි, 2012 වසරේ 12%ක් වූ වැඩිහිටි ජනගහනය (අවුරුදු 60ට වැඩි) 2024 වන විට 18%ක් දක්වා ඉහළ ගොස් ඇත. නව උපත් අඩුවීම සහ ආයු අපේක්ෂාව ඉහළ යාම මෙයට ප්‍රධාන […]

රටම එකට – ජාතික මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ. ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වෙයි. මෙරට […]

ගල්කිස්ස අධිකරණයෙන් හමුවූ පිස්තෝලය ගැන අලුත්ම විස්තරේ!

අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියෙන් හමුවූ පිස්තෝලය ගැන කරුණු කිහිපයක් මේ වන විට අනාවරණය වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඔහු බන්ධනාගාර රැඳවියෙකු බව සඳහන් වේ. අද (29) දින ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සඳහා රැඳවියන් තිදෙනෙකු පැමිණ ඇත්තේ ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්‍රජා විශෝධන කාර්යයන් වෙනුවෙනි. ඉන් එක් […]

‘මහා ජන හඬ’ට කළින් මාව අල්ලන්න හදන්නෙ!

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කරන්නේ, නොවැම්බර් 21 වැනිදාට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ “නුගේගොඩ රැලියට” පෙර තමන්ව සිරගත කිරීමට රජය කුමන්ත්‍රණය කරන බවයි. අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා පැවසුවේ, මෑතකදී රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරන පුද්ගලයෙකු විසින් තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට […]

ජ්‍යෙ.නි. පොලිස්පතිට එරෙහිව පොලිස්පති සී.අයි.ඩීයට! කවුද මේ ජ්‍යෙ.නි. පොලිස්පති?

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් යන අයට සහ වත්මන් රජයට අපහාස වන අන්දමින් යූ ටියුබ් නාලිකාවක අයිතිකරු සමග එක් වී අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන ලදැයි කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට සහ රහස් පොලීසියට පැමිණිලි කර ඇත. මෙසේ චෝදනාවට ලක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා […]

ඩේසි ආච්චිගෙ මැණික් මල්ල ගැන අධිකරණ නියෝගයක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ සහ යෝෂිතගේ මිත්තණිය බව කියන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය. කොළඹ මහාධිකරණ විනිසුරු […]

නාරාහේන්පිට ගින්න: පිටවීමේ දොරටු හිරවීම නිසා ජනතාව මුදාගැනීමට දැඩි ප්‍රයත්නයක්.

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ 13ක් පිටත්කර යවා තිබෙන බව වාර්තා වේ. අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට […]

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ හොර නීතීඥයෙක් විතරක් නෙවෙයි..!

ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ව නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇති බව පැවසෙන නීතීඥවරිය ඊයේ (28) රාත්‍රී කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සදහා අලුත්කඩේ අධිකරණය […]

රනිල් ආයෙ හිරේ යයි ද? තීන්දුව අද

ශ්‍රී ලංකාවේ අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (29) යළි කැඳවීමට නියමිත ව තිබේ. පසුගිය අගෝස්තු 22 වැනි දා මෙම නඩුවට අදාළ ව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව ඔහුගේ අසනීප තත්ත්වයන් සලකා බලා අගෝස්තු 27 වැනි දා ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණ. රජයේ මුදල් වැය කරමින් ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරත […]

කෙහෙළියගේ දූෂණ නඩුවට අද දුන්න නියෝගය..!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විභාගය සඳහා ලබන දෙසැම්බර් මස 09 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය. මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් […]