2026 අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා, 14:47
නවතම පුවත්

හසීනාගේ පුතාගෙන් මැතිවරණය අවහිර කරන බවට අනතුරු ඇඟවීමක්

පසුගිය වසරේ ඇති වූ ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීමේ චෝදනා මත නෙරපා දැමූ බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනාගේ පුත් සහ උපදේශක සාජීබ් වාසෙඩ් (ජෝයි) ඉරිදා (නොවැම්බර් 16) ප්‍රකාශ කළේ, ඇගේ අවාමි ලීග් (Awami League) පක්ෂයට පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ඉදිරි පෙබරවාරි මාසයේ ජාතික මැතිවරණය පක්ෂ ආධාරකරුවන් විසින් අවහිර කරනු ඇති බවයි. ඔහු අනතුරු ඇඟවූයේ, විරෝධතා […]

කෙහෙළියටයි පුතාටයි දුවටයි නඩු දෙකක අධිචෝදනා..!

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබුණු නඩු දෙකක් සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල සහ දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද (17) අධි චෝදනා භාර දී තිබේ. මෙම අධි චෝදනා භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ සිදුව තිබෙන බව සඳහන් වේ. කෙහෙළිය රඹුක්වැල්ල, රමිත රඹුක්වැල්ල, දියණිය වන අමාලි […]

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගැනීමට පදනමක් නැද්ද?

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, අද (නොවැම්බර් 12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ය. ඒ මහතා, ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ, ඔහු සංචාරක අමාත්‍ය ධුරය දැරූ සමයේදී අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල සේවකයින් සඳහා වූ […]

අරුවක්කාලුව වැනසීමට දේශපාලක ඥාතියෙක් අල්ලයි..!

සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාලු භූමියේ සිදුවූ විශාල පරිමාණයේ පරිසර හා පුරාවිද්‍යා විනාශයක් සම්බන්ධයෙන් පුද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  ආෂා මිනරල් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ, රසික අතපත්තු නමැති පුද්ගලයෙකි. ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් මේ බිමෙහි නීති විරෝධී කැණීම් සිදුවන බවට තොරතුරු අනාවරණය විය. වනාතවිල්ලුව ප්‍රදේශවාසීන් විසින් මේ […]

UNFPA අරමුදල් ලබන ලිංගික අධ්‍යාපන සැලැස්මට කාදිනල්ගෙන් දැඩි විරෝධයක්!

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් ශ්‍රී ලාංකික දරුවන් සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මගින් අරමුදල් සපයන ලිංගික අධ්‍යාපන සැලැස්මට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම පුවත රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කරමින් තිබේ. කාදිනල්තුමා පෙන්වා දී ඇත්තේ, දේශීය සංස්කෘතික හා ආගමික වටිනාකම් සමඟ නොගැළපෙන බටහිර සංකල්ප දරුවන් අතරට ගෙන ඒමට මෙම වැඩසටහනින් […]

අම්බලන්ගොඩ වෙඩි වැදුනු පුද්ගලයා මිය යයි.

අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 10.30ට පමණ මෝටර්  රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස ජීවිතක්ෂයට […]

ගංජා වගා ව්‍යාප්තිය සඳහා රජය අලුතෙන්ම කරන්න යන දේ

දැනට විදේශීය සමාගම් සඳහා පමණක් සීමා වී ඇති මෙරට ගංජා වගා ව්‍යාපෘතියට දේශීය ආයෝජකයන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දීමට රජය සැලසුම් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. ඔහු සඳහන් කළේ, ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා ආයෝජන මණ්ඩලය (BOI) විසින් දැඩි කොන්දේසි යටතේ විදේශීය ආයෝජකයන් පමණක් තෝරාගෙන ඇති බවයි. මෙම ආයෝජකයන් මේ වසර අගදී […]

කැලණිය විශ්වවිද්‍යාලයෙන් අලුත් සහතිකපත්‍ර පාඨමාලාවක් ඇරඹේ

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය සහ එෆ්රියල් තරුණ ජාලයේ (AFRIEL Youth Network) ඒකාබද්ධ සහයෝගයෙන් පවත්වනු ලබන ‘සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ’ සමාරම්භක උත්සවය ඊයේ (නොවැම්බර් 02, 2025) සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවේදී, පාඨමාලාව සඳහා තෝරාගත් රජයේ ග්‍රාමීය ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් වෙනුවෙන් තෝරාගැනීමේ ලිපි ප්‍රදානය කිරීම ද සිදු විය. විශ්වවිද්‍යාලය විසින් […]

ඊ-වීසා ගනුදෙනුව; විගණන වාර්තාව ගැන GBS සමාගමෙන් පැහැදිලි කිරීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාව මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම වාර්තාවේ නිරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, අදාළ වීසා සේවා සැපයීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන GBS Technology Services Pte Ltd සමාගම විසින් සීමිත නිවේදනයක් නිකුත් කර ඇත. GBS Technology […]

මහින්ද එක්ක ඉන්නෙ මම නෙවෙයි.. නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ගත් ඡායාරූපයක් බව කියමින් සමාජ මාධ්‍යයේ සටහන් ව ඇති ඡායාරූපය තමාගේ එකක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ප්‍රකාශ කරයි. ඇයගේ ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කරයි. එම සටහන පහතින්. “සමාජ මාධ්‍යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මා පෙනී සිටින ආකාරයේ […]