2025 අගෝස්තු 15 සිකුරාදා, 16:05
නවතම පුවත්

කොට්ටාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරු දකී.

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

නව පාප් වහන්සේ තෝරාගත් බව සටහන් කරමින් සුදු දුමාරය නිකුත් වෙයි.

ලොව පුරා කතෝලික ජනතාවගේ නායකයා ලෙස සලකන නව පාප් වහන්සේ තෝරාගෙන තිබේ. එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ. ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති […]

ගිය අවුරුද්දේ 66 දෙනෙක් වෙඩි තියලා මරලා

2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා රට පුරා වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් ඇති අතර එම වෙඩි තැබීම් බහුතරයක් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ වෙඩි තැබීම් බව පෙනී ගොස් තිබේ. මෙයින් මරණ 13ක් පසුගිය මාස තුන ඇතුළත වාර්තා වී ඇති අතර ඒවා ද පාතාලය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වෙඩි තැබීම් බව […]

යළි සහල් ආනයනය නවතයි?

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සහල් ආනයනය කිරීමට යළි කටයුතු නොකරන බව පවසනවා. අද (11) ලුණුගම්වෙහෙර, පන්නෙගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. මෙරටට සහල් ආනයනය කිරීමේ චක්‍රලේඛය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකරන බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය . සහල් ආනයනය කිරීම සඳහා ලබාදී […]

බියර් මිලත් ඉහළ යයි?

මත්පැන් සඳහා සූරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40 අතර ප්‍රමාණයෙන් ඉහළ අගයක් ගැන අලෙවිකරුවන් සඳහන් කරනු ලබයි. මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු (10) ඉහළ නැංවීමට කටයුතු කර ඇත. ඒ අනුව, සුර බදු 6%කින් අගය ඉහළ නංවා තිබේ.

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 3.69ක වැඩිවීමක් වේ. එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල රුපියල් 76.57කින් ඉහළ ගොස් තිබෙනවා. එහි වැඩිවීම දැක්වෙන්නේ සියයට 3.58ක් ලෙසයි.

ධනංජය ද සිල්වාගේ සහෝදරයා අත්අඩංගුවට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු නැමැත්තා ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තවත් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින්ය. සංගු නැමැත්තා ඊයේ රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසළදී පුද්ගලයෙකුට පහරදී තිබේ. පහරකෑමට ලක් වූ පුද්ගලයා, ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු […]