2025 අගෝස්තු 15 සිකුරාදා, 05:36
නවතම පුවත්

මැදපෙරදිග නොසන්සුන්තා: කටාර් සහ ඉරාක අමෙරිකානු ඉලක්කවලට ඉරාන ප්‍රහාර. ගුවන් ගමන් අඩාල වෙයි, කලාපීය ආරක්ෂාව අනතුරක

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉරානය විසින් කටාර් සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුව ඇත. කටාර් සහ බහරේන ගුවන් අවකාශය වසයි කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එරට […]

ලුණු ආනයනය පිලිබඳ රජයෙන් දැනුම්දීමක් !

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් කිසිදු බාධාවක් නොමැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් නිවේදනයක් නිකුත් කරමින් පවස​යි. මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බවත්, […]

විජයග්‍රහණයේ සැමරුම ගැන මහින්දගෙන් විශේෂ නිවේදනයක්..!

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරෙන අතර, මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති සහ යුද්ධය නිමා කිරීමට සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ අද (18) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්, “ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් […]

විජයග්‍රහණයේ සැමරුමට ජනපති සහභාගී වන බව දැනුම් දෙයි

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ‍ලෙස හෙට (19) ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට පස්වරු 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත ය. මෙම උත්සවය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් […]

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබේ. මෙම විරෝධතාවට සම්බන්ධ වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු […]

කොළඹ ඉන්න බොහෝ පිරිසක් පුංචි ඡන්දයට ගම්බිම්වලට ගිහින් නැහැ!

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින බොහෝ පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් බලා ගොස් නොමැති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව මෙයට හේතු කිහිපයක් බලපා ඇත: කොළඹ රැඳී සිටින දකුණු පළාතේ බොහෝ වෙළෙඳුන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම්වලට ගොස් නොමැති බව තොරතුරු අනාවරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පෞද්ගලික හේතූන් මත එළඹෙන 15 වනදා සිට එම ධුරයෙන් ඉවත් වන බව ඔහු සභාවට දැනුම් දී ඇත. ඔහුගේ ඉල්ලා අස්වීම සභාව විසින් පිළිගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 2023 මැයි 25 වනදා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ ධම්මික දසනායක […]

තරුණයෙකුට පහරදීමේ සිද්ධිය: ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට විමර්ශන

ප්‍රසිද්ධ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේශිකා ප්‍රනාන්දු, තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයට ලක්ව සිටී. ‘ටීචර් අම්මා’ ලෙස ජනප්‍රිය ඇය, තරුණයෙකුට පා පහරක් එල්ල කර ඇති බව සඳහන් වන අතර, එම පහරින් තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ. සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇති හයේශිකා ප්‍රනාන්දු සොයා පොලිසිය මේ […]

කොටහේන සිසුවියගේ සිදුවීමේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

කොටහේන සිසුවියක දිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ. ඒ් අනුව, මෙම සිදුවීමට අදාළ පොලිස් B වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බව ඊයේ (09) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. එම අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් […]

පළමු ඇමරිකානු ජාතික පාප් වහන්සේ ලෙස රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා තේරීපත් වෙයි

දින දෙකක් පුරා පැවති දැඩි ඡන්ද විමසීමකින් පසුව, ඇමරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා නව පාප් වහන්සේ ලෙස තේරී පත්වී තිබේ. 69 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ, ඇමරිකා එක්සත් ජනපදයෙන් තේරී පත් වූ පළමු පාප්වරයා ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙම තේරී පත්වීමත් සමඟම, ලොව පුරා විසිරී සිටින බිලියන 1.4 කට අධික කතෝලික ජනතාවගේ නායකත්වය උන්වහන්සේට හිමිවනු ඇත. මීට […]