සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් ලෙස සැලකිය නොහැකි බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරයි. උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.
කාදිනල් හිමිපාණන් එහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය:
“අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සිදුකරනවා, විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා. විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතී. සමලිංගික විවාහ ප්රචාරය කරන්නට කටයුතු කරනවා. මේක මානව අයිතිවාසිකමක්ලු?, කොහොමද එහෙම වෙන්නේ?, කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ?, කොහොමද දරුවෝ ලබන්නේ?. එදා තරුණ පිරිස් විවාහයට පෙර හමුවුණේ දෙමාපිය රැකවරණය යටතේ හෝ ඔවුන්ගේ ආශීර්වාදයෙන්. එවැනි විවාහ අද තත්ත්වයට වඩා සාර්ථක වී තිබෙනවා.”
කාදිනල් හිමිගේ මෙම ප්රකාශය සමලිංගික විවාහ පිළිබඳ සමාජය තුළ පවතින විවාදයට නව මානයක් එක් කරනු ඇත.