සමගි ජන බලවේගය නියෝජනය කරන කන්දකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ගංජා සන්තකයේ තබාගැනීමේ චෝදනා මත පල්ලේවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව විකිණීමට සූදානම් කර තිබූ බවට සැකකෙරෙන ග්‍රෑම් 86 ක ගංජා තොගයක් තිබී ඇත.
මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හපතගමුව විදුලි වැටෙහි ආරක්‍ෂක සහායකයකු ලෙස ද සේවය කරනු ලබයි.
ඔහු හැලි ඇල, හපුතගමුව, පල්ලේවත්තේ පදිංචිකරුවෙකි.
මන්ත්‍රීවරයා ගංජා විකුණන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් ඔත්තුකරුවෙකුගේ සහාය ඇතිව සිදු කළ හදිසි වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.