බස්නාහිර පළාතේ පොදු ප්රවාහන සේවාව විධිමත් කිරීමේ අරමුණින් වැදගත් නීති රීති දෙකක් අද (ඔක්තෝබර් 01, බදාදා) සිට ක්රියාත්මක වේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය නිවේදනය කරන්නේ බස්රථවල ප්රවේශ පත්ර (ටිකට්පත්) නිකුත් කිරීම අද දින සිට අනිවාර්ය බවයි. මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට දඩ නියම කෙරේ.
ටිකට්පත් නිකුත් නොකරන රිය සහයකයින්ට දඩ නියම වේ.
ප්රවේශ පත්ර ලබා නොගන්නා මගීන්ටද දඩ පැනවෙනු ඇත.
එමෙන්ම, බස්නාහිර පළාත තුළ මගී ප්රවාහනයේ යෙදෙන සියලුම ත්රිරෝද රථ ලියාපදිංචිය ද අද සිට අනිවාර්ය කර ඇත.