බස්නාහිර පළාතේ පොදු බස් රථවල ගමන් ගන්නා මගීන් විසින් ප්‍රවේශ පත්‍රයක් (ටිකට් පතක්) ලබා ගැනීම සහ එය ගමන අවසන් වන තෙක් සන්තකයේ තබා ගැනීම අද (ඔක්තෝබර් 15) සිට අනිවාර්ය කර තිබේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ, මෙම නියෝගය අනුව කටයුතු නොකරන කොන්දොස්තරවරුන්ට මෙන්ම ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගීන්ටද දඩ පැනවීමට කටයුතු කරන බවයි.
ඒ අනුව, ප්‍රවේශ පත්‍රයක් නොමැති මගීන්ට රුපියල් 100ක දඩ මුදලකට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවන බවද එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.