2026 මාර්තු 25 බදාදා, 03:07
නවතම පුවත්

දුර ගමන් බස්වලට ‘ප්‍රමිති වාර්තාව’ අනිවාර්යයි; පරීක්ෂා කිරීමේ අයිතිය මගීන්ට

දුර ගමන් සේවා සඳහා යොදවන බස් රථවල ප්‍රමිතිය සහතික කරන වාර්තාවක් ඉදිරියේදී අනිවාර්ය කිරීමට නියමිත බවත්, එම වාර්තාව පරීක්ෂා කිරීමේ පූර්ණ අයිතිය මගීන් සතු වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ (NTC) සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.

සභාපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (ඔක්තෝබර් 9) පෙරවරුවේ බැස්ටියන් මාවත මගී බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන කිලෝමීටර සියයකට වඩා දුර ධාවනය වන බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව එක්ව ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා ඩිමෝ (DIMO) ආයතනය පූර්ණ දායකත්වය ලබා දී ඇත.

සභාපති චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෑතකාලීනව සිදුවූ බස් රථ අනතුරු හේතුවෙන්, බස් රථවල ධාවන දුර්වලතා නිසා අනතුරු සිදුවන බවට සමාජය තුළ කථිකාවක් ඇති වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික පරීක්ෂාවට අමතරව, ධාවනයට ප්‍රථම බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් මතුවූ බව ඔහු පෙන්වා දුන්නේය.

“වාර්ෂිකව වාහනයක ලබාගන්නා ප්‍රමිති සහතිකයට අමතරව, මාසිකව සුදුසුකම් ලත් පුද්ගලයෙක් විසින්, සුදුසුකම් ලත් ආයතනයක් මගින් තම වාහන පරීක්ෂා කර, අදාළ සහතිකය බස් රථය තුළ තබාගැනීම කළ යුතු යි. ඕනැම වේලාවක එම වාර්තාව පරීක්ෂා කිරීමේ අයිතිය බස් රථයේ ගමන් ගන්නා මගීන්ටත් හිමි වෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.

ඊයේ දින පිටකොටුව බැස්ටියන් මාවතේදී ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ බස් රථ කිහිපයක ධාවන තත්ත්වය ඩිමෝ ආයතනයේ තාක්ෂණික ශිල්පීන් විසින් පරීක්ෂා කරන ලද අතර, එම අවස්ථාවේදී අදාළ ප්‍රමිති සහතික නිකුත් කරන ලදී.

අදින් ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී අනිවාර්ය සාධකයක් ලෙස නීතිගත කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා අවධාරණය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories