බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් රොඩ්නි ස්ටාමර් මහතා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ. මෙය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහු ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය සනිටුහන් කරයි.
මුම්බායි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ ස්ටාමර් මහතා, දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඓතිහාසික සංචාරය දෙරට අතර ව්‍යාපාරික හා වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදී ප්‍රකාශ කර තිබුණි.
වාර්තා වන පරිදි, ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර ඇතිකරගත් නව වෙළෙඳ ගිවිසුමට අනුව, බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා වන තීරුබදු සියයට 15 සිට සියයට 3 දක්වා සැලකිය යුතු ලෙස අඩු කිරීමට තීරණය වී ඇත.