ගෝලීය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන ඔක්තෝබර් වෙනුවෙන්, හෙට (ඔක්තෝබර් 22) දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මන්ත්‍රීවරියන් රෝස පැහැති ඇඳුම්වලින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා නිවේදනය කර තිබේ.
කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණීමෙන් මෙම වැදගත් කාරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සහාය වන ලෙසයි.
මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංකේතාත්මක පියවරක් ලෙස, හෙට දින පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සඳහා පැළඳීමට රෝස පැහැති ලාංඡනයක් (badge) බෙදා හැරීමට සූදානම් කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය. මෙම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී ලබා දෙනු ඇත