ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, අද (27) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී 26 වැනි වරට ආරම්භ වුණා.
ආරම්භක උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.
මෙහිදී 26 වැනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමත්, විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමත් සිදු කෙරුණා.
මෙවර ප්‍රදර්ශනය සඳහා වෙළඳ කුටි 400 කට වැඩි සංඛ්‍යාවක් එක් වී ඇති අතර, දින 10ක කාලයක් පුරා පැවැත්වෙන අතර, පාඨකයන්ට විවිධ කාණ්ඩවල පොත් විශේෂ වට්ටම් සහිතව ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා.