පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර, එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී බෝම්බය පුපුරුවා හැර ඇත. අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරුවා හැර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.