ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයෙකුගේ රත්මලානේ පිහිටි නිවසක් බිඳ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතහමාරක (රු. 750,000) පමණ වටිනා භාණ්ඩ මෙලෙස සොරකම් කර ඇති බවට වාර්තා වේ.
සොරකම් කර ඇති භාණ්ඩ අතර විදුලි පංකා, ප්‍රෙෂර් කුකර්, වයර් රෝල්, වතුර මෝටර් සහ සරනේරු ඇතුළු උපකරණ තිබූ බව සඳහන් වේ.