කොළඹ විශ්වවිද්‍යාලයේ නම වැරදි ලෙස භාවිත කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු ප්‍රචාර ගණනාවක් පැතිර යමින් ඇති බවට විශ්වවිද්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාලය අවධාරණය කරන්නේ, සිය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත නිකුත් කරනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ නිල වෙබ් පිටුව හෝ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ පමණක් බවයි.
කොළඹ විශ්වවිද්‍යාලය විසින් ඖෂධීය ශාකසාර සූදානම් කිරීම්වල ඇති ගුණාංග පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදු කරමින් සිටින බව පිළිගන්නා නමුත්, එම පර්යේෂණ මෙතෙක් සායනික පරීක්ෂණ මට්ටමට හෝ ඖෂධ ලියාපදිංචි කිරීමේ අදියරට පැමිණ නොමැති බවද අවධාරණය කරයි.
එම හේතුව නිසා, මෙම පර්යේෂණ නිෂ්පාදන කිසිවක් දැනට ඖෂධ ලෙස සැලකිය නොහැකි බව විශ්වවිද්‍යාලය පෙන්වා දෙයි.
ඒ අනුව, සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ලියාපදිංචි ඖෂධවලට පමණක් අනුගත වන ලෙස කොළඹ විශ්වවිද්‍යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.