බංග්ලාදේශ ක්‍රිකට් අධ්යක්ෂ එම්. නස්මුල් ඉස්ලාම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ හමුවේ එරට ක්‍රීඩකයින් ගත් දැඩි තීරණයත් සමඟ අද (15) දින බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය අඩාල විය.
නස්මුල් ඉස්ලාම් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ක්‍රීඩකයින් ලබාදුන් කාලසීමාව අවසන් වීමත් සමඟ, අද පැවැත්වීමට නියමිතව තිබූ චැටොග්‍රෑම් රෝයල්ස් සහ නෝකාලි එක්ප්‍රස් අතර තරගයට ක්‍රීඩකයින් සහභාගී නොවී එය වර්ජනය කර තිබේ. හිටපු නායක තමීම් ඉක්බාල් “ඉන්දියානු ඒජන්තයෙකු” ලෙස හැඳින්වීම ඇතුළු ක්‍රීඩකයින්ට අපහාස වන අයුරින් නස්මුල් කළ ප්‍රකාශ මෙම වර්ජනයට මූලික හේතුව වී තිබේ. මෙම අභ්‍යන්තර ගැටුම් මෙසේ පවතිද්දී, ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට නොයෑමට ගත් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තවදුරටත් ස්ථාවරව පවත්වාගෙන යයි.