ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ‘B’ කාණ්ඩය නියෝජනය කරන බංග්ලාදේශ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට හොංකොං කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් පන්දු වාර 20 ක් තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 143 ක් ලබාගත්තා.
පන්දුවට පහර දීමේදී හොංකොං කණ්ඩායම වෙනුවෙන් Nizakat Khan ලකුණු 42 ක් සහ Zeeshan Ali ලකුණු 30 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin Ahmed, Tanzim Hasan Sakib සහ Rishad Hossain කඩුලු 02 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම, පන්දු වාර 17.4 ක් අවසානයේ, කඩුලු 03 ක් පමණක් දැවී සිටියදී ජයග්රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා.
පන්දුවට පහර දීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක Litton Das ලකුණු 59 ක් සහ Towhid Hridoy ලකුණු 35 ක් ලබාගත්තා