අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා 2025 සැප්තැම්බර් මසට අදාළ දීමනාව අනිද්දා (12) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.
එම මණ්ඩලය සඳහන් කළේ රුපියල් බිලියන 11.2ක මුදලක් ප්‍රතිලාභී පවුල් ලක්ෂ 14ට අධික (1,412,574) ගණනක අතර බෙදාහැරීමට නියමිත බවයි.
ඒ අනුව, ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ අදාළ බැංකු ගිණුම් හරහා සැප්තැම්බර් 12 දා සිට අස්වැසුම දීමනාව ලබාගත හැකි වනු ඇත.