හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා රිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවට කිසිදු සාක්ෂියක් නැතැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
හිටපු කතානායකවරයෙකු වුවත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවත් රිය අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලද බවද පැවසූ ඔහු, එය මේ ආණ්ඩුවේ වෙනස බවද සඳහන් කළේය.
පෙර ආණ්ඩුවලදී නම් මිනී මරපු අයද නිවෙස්වලට වී නිකන් සිටි බවටද ඔහු වැඩිදුරටත් පැවසුවේය. අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.