යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී තිබේ. පොලිසියට භාර වීමෙන් අනතුරුව ඒ මහතාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) දිනයේදී ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි. එම අධිකරණ නියෝගයට අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටි පසුබිමක මන්ත්‍රීවරයා මෙලෙස ස්වේච්ඡාවෙන් පොලිසියට ඉදිරිපත් වී ඇත.
අත්අඩංගුවට ගත් රාමනාදන් අර්ච්චුනා මහතා අද දිනයේම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එහිදී ඔහු අධිකරණය මඟහැරීමට හේතු වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන්නේද නැතහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත.