ශ්රී ලංකා නාවික හමුදාවේ හිටපුපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, උළුගෙතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්රදේශයේදී සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා.