පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) පෙරවරුවේ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට සිද්ධියට අදාල විමර්ශන සිදුවෙයි.
පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු අයුරු දක්නට ලැබුණි.
එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.