ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපාන අධිරාජ්‍යා නරුහිතෝ මහතා හමුවී තිබේ.
මෙම හමුව ඊයේ (30) පස්වරුවේ ටෝකියෝ නගරයේ පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී පැවැති අතර, නරුහිතෝ අධිරාජ්‍යයා ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව දෙපාර්ශව අතර සුහද පිළිසඳරක් ද සිදුවිය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටියේය.