2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:14
නවතම පුවත්

වැඩකට නැති රාජ්‍ය අංශ 5,000ක්. අනවශ්‍ය ආයතන ඉවත් කිරීමට රජය සැරසෙයි

අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ පවතින විවිධ අංශ 5,000කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන ආයතන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසා තිබේ.

මෙම අනවශ්‍ය ආයතන සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් හරහා සොයා බලා, ඉන් අනතුරුව අදාළ නොවන ආයතන ඉවත් කිරීමට කටයුතු යොදන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය අංශය ඵලදායීව සිදුකරගෙන යෑමට සහ ගෞරවාන්විත රාජ්‍ය සේවාවක් ලබා දීම රජයේ අරමුණ බව ඔහු පෙන්වා දුන්නේය. මානව අයිතිවාසිකම් පිළිබඳ වූ ආයතන, තිරසර සංවර්ධනය වෙනුවෙන් පිහිට වූ ආයතන ඇතුළු ඒ ඒ මොහොතට අවශ්‍යව පිහිට වූ විවිධ අංශ මෙම ලැයිස්තුවට ඇතුළත් බව සඳහන් වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම ආයතන ජනතාවට විශාල බරක්ව පවතින බවයි.

“අපිට ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. දැන් අර්බුද රැසක් පවතිනවා. ඇතැම් ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා… මෙරට විවිධ අංශ පන්දහසකට වැඩිය තියෙනවා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ. ඒවාට කාර්යභාරයක් නෑ… මේ ආයතන ජනතාවට විශාල බරක්. අපි මේ තොරතුරු රැස් කරලා විශ්ලේෂණය කරමින් ඉන්නවා ව්‍යුහාත්මක වෙනස්කම් කර ඉදිරියට යන්න,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories