අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 10.30ට පමණ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දා නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩි තබා ඇති බවටයි
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
වෙඩි වැදුනු පුද්ගලයා නාගරික මන්ත්‍රීවරයෙකු බව වාර්තා වුවත් එය සත්‍ය නොවන බව පොලීසිය කියයි.