ඇමසන් වෙබ් සේවාවල (Amazon Web Services – AWS) හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ඇමසන් ක්ලවුඩ් සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර, බැංකු ගනුදෙනුකරුවන්ට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.