දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (24) පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.
මීට අමතරව, අද අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පැවති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. විශේෂයෙන් එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී ආරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වේ.