ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (නොවැම්බර් 07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගතවීම හේතුවෙන්, ඔහු නැවත මෙරටට පැමිණෙන තෙක් ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.