ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ ආසන්න සහෝදර මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු පත්කර ඇත.
මෙම පත්කිරීම සිදු කෙරුණේ විශ්වාසභංග යෝජනාවක් සම්මතවීමෙන් පැය 24කට පසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
39 හැවිරිදි ලෙකෝර්නු, පසුගිය වසර තුනකදී ප්‍රංශයේ සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස සේවය කළ අතර, යුක්රේනයේ රුසියාවේ යුද්ධයට ප්‍රංශයේ ප්‍රතිචාරය පිළිබඳව විශේෂයෙන් කටයුතු කර තිබේ.
එලිසී මාලිගය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ජනාධිපති මැක්‍රොන්ගේ හත්වැනි අග්‍රාමාත්‍ය ලෙස පත්වූ ලෙකෝර්නුට ඊළඟ අයවැය සම්මත කර ගැනීමේ අරමුණින් විවිධ දේශපාලන පක්ෂ සමග සංවාද හා සාකච්ඡා කිරීමට වගකීම් පවරා ඇති බවයි. කෙසේ වෙතත්, ලෙකෝර්නුගේ පත්කිරීම වාමාංශික සහ අති දක්ෂිණාංශික පක්ෂවල විවේචනයට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.