ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ අතිශය තීරණාත්මක තරගයක් අද (18) පැවත්වීමට නියමිතය.
අදාළ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අබුඩාබි හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වනු ඇති අතර, සුපිරි හතරට (Super Four) යෑම තීරණය වන්නේ මේ තරගයෙන් ලබාගන්නා ප්‍රතිඵලය මතය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් සුපිරි හතරට ඉක්මනින් පිවිසිය හැකි අතර, පරාජය වූවත් විශාල අවස්ථාවක් තවමත් පවතිනවා. ඒ සඳහා ඇෆ්ගනිස්තානය මුලින් පන්දුවට පහරදී ලබාදෙන ඉලක්කය පසුපසින් ලඟා විය නොහැකි වුවත්, ලකුණු 71කට අඩු වෙනසකින් පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි හතරට පිවිසිය හැකිය.
එසේම ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදුවහොත්, ඇෆ්ගනිස්ථානයට ලබාදෙන ඉලක්කය ඔවුන්ට පන්දු වාර 11.1කට (පන්දු 53 ඉතිරිව) අඩුවෙන් හඹායාමට අවස්ථාවක් නොදීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ.
ඇෆ්ගනිස්තානයට තරගාවලියේ තවත් ඉදිරියට යාම සඳහා අවශ්‍ය මාර්ගය නම් ශ්‍රී ලංකාවට එරෙහිව අනිවාර්යයෙන් ජයග්‍රහණය කිරීමයි. එවිට ලකුණු වේගය අනුව ඔවුන් බංග්ලාදේශය අභිබවා සුපිරි හතරට පිවිසිය හැක. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය අද පරාජය වූහොත්, ඔවුන් තරගාවලියෙන් ඉවත් වන අතර බංග්ලාදේශය සුපිරි හතරට තේරී පත් වේ.