International Masters League 2024 ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර ඇත.
එම තරඟාවලිය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 තරඟ කිරීමට නියමිතව තිබේ.