2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:15
නවතම පුවත්

තටු කැපුවාට අපි තරහා නෑ .චන්ද්‍රිකා – මෛත්‍රී

හිටපු ජනාධිපතිවරුන් ලෙස තමන්ට ලබාදී ඇති වරප්‍රසාද අහෝසි කිරීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරති.ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස, වාහන, දීමනා, ආරක්ෂක විධිවිධාන වැනි වරප්‍රසාද කප්පාදු කිරීම ඇතුළු පොරොන්දු කිහිපයක් ලබාදුනි.මේ සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග පවසන්නේ සෙසු හිටපු ජනාධිපතිවරුන්ට සාපේක්ෂව තමාට වැඩි වරප්‍රසාද නොලැබෙන බවය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මට රජයෙන් විශ්‍රාම වැටුපක්වත් දුන්නේ නැහැ. 2015 එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වන විට ඔවුන් දැන සිටියා මට විශ්‍රාම වැටුපක් නොදුන් බව. ඒ නිසා මට රුපියල් 94,000 ක මාසික විශ්‍රාම වැටුපක් ලබාදුන්නා. මම එය එය පුණ්‍ය කටයුතු සඳහා භාවිතා කරනවා.”

යැයි ඇය පවසයි.තමාට රජයෙන් නිල නිවසක් සහ වාහන හතරක් ද ලබා දී ඇති බව සඳහන් කළ ඇය පවසන්නේ, තම පෞද්ගලික මුදලින් මිලියන ගණනක් එම නිල නිවස අලුත්වැඩියා කිරීමට වියදම් කළ බවය.

“මගේ කාර්ය මණ්ඩලයේ වැටුප්, ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවන්නේ මමයි. මගේ ඉඩම් විකුණා උපයාගත් මිලියන ගණන් වියදම් කර නිල නිවස අලුත්වැඩියා කර තිබෙනවා. ඊට අමතරව මට වාහන හතරක් දී තිබෙනවා. ඉන් දෙකක් මගේ ප්‍රයෝජනයටත් දෙකක් ආරක්ෂක නිලධාරින් සඳහාත් භාවිත කරනවා. රජයට අවශ්‍ය නම්, ඔවුන් ඒවා නැවත රැගෙන ගියාට මට කමක් නැහැ.”

යැයි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කරයි. මෛත්‍රිපාල සිරිසේන කියාසිටියේ හිටපු ජනාධිපතිවරයකු ලෙස රජය තමන්ට ලබා දී ඇති කිසිදු වරප්‍රසාදයක් කප්පාදු කිරීම සම්බන්ධයෙන් කණගාටු නොවන බවය.

” ආරක්ෂක නිලධාරීන් මගේ පස්සෙන් එනකොට මම කොහොමත් කැමති නෑ. ඒ අයම තමයි කියන්නේ ආවෙ නැත්තම් එයාලට ප්‍රශ්නයක් කියලා. මට විශ්වාසයි මට එහෙම හානියක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නෑ කියලා. මම කාටවත් වරදක් කරලා නැහැ, ආරක්ෂාව සහ වෙනත් වරප්‍රසාද කප්පාදු කළාට මට කමක් නැහැ.”

යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.හිටපු ජානධිපතිවරුන් සඳහා වන ප්‍රතිලාභ තීරණය වන්නේ 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන අනුව ය

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories