පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොන්නම්පෙරුමගේ ධනුෂ් බුද්ධික නොහොත් “අංගොඩ ජිලේ” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ මිලි ග්‍රෑම් 500ක් හා කේරළ ගංජා ග්‍රෑම් 51ක් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
තවද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපායාගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් 274,400ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.