2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව හෙක්ටයාරයකට ලබාදුන් සහනාධාරය රු.15,000 සිට රු.25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.