බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළ අතර, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවද දුම්රිය පාලක මැදිරිය පවසයි
පීලි පැනීමට ලක් වු දුම්රිය පීලි ගත කිරීම සඳහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් පිරිසක් ගෙන්වීමට පියවර ගෙන ඇති බවත්, කඩිනමින් දුම්රිය පීලි ගත කොට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.
සඳහන් කරයි.