2025 අගෝස්තු 15 සිකුරාදා, 03:59
නවතම පුවත්

අධිවේගයේ කැබ් රියක් ගිනිගනි

ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද (10) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වුණි.

ගින්නෙන් කැබ් රථයට බරපතළ අලාභ සිදුවී ඇතැයි අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.

කොළඹ ප්‍රදේශයේ සමාගමක ඉංජිනේරුවන් දෙදෙනෙක් ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට වැඩමුළුවක් සිදුකිරීම සඳහා යමින් සිටියදී කැබ් රථය මෙලෙස හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.

කැබ් රථයේ ඉදිරිපස බොනට්ටුව දෙසින් දුමක් හට ගැනීමත් සමගම ඉංජිනේරුවන් දෙදෙනා ඇතුළු රියදුරු කැබ්‍ රථයෙන් පිටතට පැමිණීමත් සමගම ගින්න හටගෙන තිබුණි.

ගින්න සැලවූ වහාම විනාඩි කිහිපයක් තුළදී ගිනි නිවීමේ රථ එම ස්ථානයට කැඳවා ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.

ගින්නෙන් කැබ් රථයට සියයට 75ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

කාර්මික දෝෂයක් ගින්නට හේතු වී ඇතැයි පොලීසිය සැකපළ කරයි.

එම ගින්න හේතුවෙන් කඩුවෙල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන විනාඩි 15කට පමණ නතර කිරීමට සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories