මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අයත් ප්‍රදේශ කිහිපයකට අද දින පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වන ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අද සවස 4 සිට හෙට (දෙසැම්බර් 18) පෙරවරු 7 දක්වා එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ලබන බවත්, ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.