ජාතික ජනබලවේගයට (JJB/NPP) බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් අද (දෙසැම්බර් 15) පරාජයට පත්ව තිබේ.
අද පෙරවරුවේ නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්වීම පැවැත්වුණු අතර, එහිදී පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 02කින් අයවැය පරාජයට පත්විය. ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වන අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබී ඇත.
ඡන්දය භාවිත කළ ආකාරය පහත පරිදිය:
අයවැයට පක්ෂව (17): ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 17 දෙනා.
අයවැයට විපක්ෂව (19):
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනා
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනා
පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 03 දෙනා
පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් 02 දෙනා
ගාල්ල මහ නගර සභාව ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව පිහිටවනු ලැබූ අතර, නගර සභාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පළ කරමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් ප්‍රියන්ත සහබන්දු මහතාද අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිත කර තිබීම විශේෂත්වයකි.