2026 මාර්තු 21 සෙනසුරාදා, 00:59
නවතම පුවත්

ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 5,700 ඉක්මවයි

පසුගියදා පැවැති අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. ආපදාවෙන් මේ වන විට දිවයින පුරා සම්පූර්ණයෙන් විනාශ වී ඇති නිවාස ගණන 5,700 ඉක්මවයි.

නිවාස හානි හා මරණ වාර්තා
DMC විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයකට අනුව, දිස්ත්‍රික්ක අනුව සම්පූර්ණයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව මෙසේය:

මහනුවර: නිවාස 1,568ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර නිවාස 14,111ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.

නුවරඑළිය: නිවාස 767ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර නිවාස 3,742ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.

පුත්තලම: නිවාස 627ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර නිවාස 20,813ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.

අනෙකුත් දිස්ත්‍රික්ක: කුරුණෑගල (594), බදුල්ල (578), කෑගල්ල (317), අනුරාධපුර (234), පොළොන්නරුව (225) යන දිස්ත්‍රික්කවලද වැඩි වශයෙන් නිවාස සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

එමෙන්ම, පැවැති ආපදාවෙන් මේ වන විට සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 640කි. මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් (234) වන අතර, දෙවැනියට වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් (90) බව වාර්තාවේ සඳහන් වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක් ද වාර්තා වී ඇත.

ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 86,147කට අයත් පුද්ගලයින් 330,443ක් බලපෑමට ලක්ව ඇත. මීට අමතරව මහනුවර, ත්‍රිකුණාමල, කුරුණෑගල, මන්නාරම, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, සහ රත්නපුර දිස්ත්‍රික්කවල පවුල් විශාල සංඛ්‍යාවක් ද බලපෑමට ලක්ව තිබේ.

තවද, ඇති වූ මෙම තත්ත්වය හමුවේ දිවයින පුරා සුරක්ෂා කඳවුරු 847ක පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813ක් මේ වන විටත් රැඳී සිටිති.

වැඩිම සුරක්ෂා කඳවුරු ප්‍රමාණයක් පිහිටුවා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ (279) වන අතර, එහි පුද්ගලයින් 27,227ක් රැඳී සිටිති. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුරක්ෂා කඳවුරු 211ක් පිහිටුවා ඇති අතර, එහි පවුල් 6,652කට අයත් පුද්ගලයින් 20,825ක් රැඳී සිටින බවද එම වාර්තාවේ සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories